May 13, 2024

සිංහරාජයේ ජාන මංකොල්ලයක් - ජර්මන් ජාතිකයන් දෙදෙනෙක් කොටු වෙයි

සිංහරාජ රක්ෂිතයේ දුර්ලභ සත්ව සහ ශාක කොටස් සහ වෙරළ තීරයේ ජීවත්වන බෙල්ලන්, කකුළුවන් වැනි සතුන් තම රටට රැගෙන යාම සඳහා එක්රැස් කළ ජර්මන් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙණියාය - සිංහරාජ කුරුලුගල ප්‍රදේශයේ සංචාරය කිරීමට ඊයේ (26) පැමිණි ඔවුන්ගේ සහයට වන සංරක්ෂණ මාර්ගෝපදේශකයෙකු ද එක්ව ඇති බව සඳහන්.

සංචාරය අතරතුර එක් ජර්මන් ජාතිකයෙකු විසින් හොර රහසේ ගසක සිටින කටුස්සෙකු අල්ලාගෙන බෑගයකට දමා ගන්නා අයුරු නිරීක්ෂණය කළ මාර්ගෝපදේශකයා ඒ සම්බන්ධයෙන් පරිසර සංවිධානයක් දැනුවත් කර තිබෙනවා.

ඒ පිළිබඳ වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා සිදුකළ දැනුම්දීමෙන් අනතුරුවයි ජර්මන් ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අනතුරුව ඔවුන් නවාතැන් ගෙන සිටි දෙණියායේ සංචාරක නිකේතනය පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස ගබඩා කර තිබූ සත්ව ශාක කොටස්, මුහුදු කකුළුවන්, දිමියන්, ශ්‍රී ලංකාවට පමණක් ආවේනික මැඩි විශේෂ සහ බීජ සහ තවත් සත්ව වර්ග සොයා ගෙන තිබෙනවා.

අවුරුදු 47 සහ 52 වයස්වල පසුවන ජර්මන් ජාතිකයන් දෙදෙනා මීට සතියකට පෙර දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 March 2022 19:59

Related items