May 20, 2024

බස් ධාවනයත් අඩපණයි! ඉන්ධන නෑ කියා වර්ජන අරඹයි

නිසි ක්‍රමවේදයක් යටතේ නුවරඑලිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ වලට ඩීසල් ඉන්ධන ලබා නොදෙන බව පවසමින් නුවරඑලිය ප්‍රදේශයේ මාර්ග රැසක ධාවනය කරවන පෞද්ගලික බස් රථ හිමියන් අද (25) දින වර්ජනයක් ආරම්භ කර තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

නුවරඑලිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකෙන්ම ඩීසල් ඉන්ධන පෞද්ගලික බස් රථ වලට නිසි ක්‍රමවේදයක් යටතේ ලබා නොදිම හේතුවෙන් තමන් ධාවන කටයුතු වලින් අද (25) දින ඉවත් වු බවයි වර්ජනයට සහභාගි වී සිටින නුවරඑලිය ප්‍රදේශයේ  රියදුරන් සහ කොන්දොස්තරවරුන් කියා සිටියේ.

නුවරඑලිය ශාන්තිපුර, මිපිලිමාන, හාවාඑළිය, බොරලන්ද, රාගල සහ නානුඔය, පට්ටි‍පොල යන ප්‍රදේශවලට ධාවනය වන පෞද්ගලික බස් රථ 150 ක් පමණ  මෙම වර්ජනයට එක්වි තිබෙන බවයි වාර්තා වන්නේ.

එම මාර්ග වල පෞද්ගලික බස් රථ ධාවනය නොවිම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් මහතාගෙන් කල විමසුමකදී ඔහු කියා සිටියේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට බස් රථ හිමියන්ට පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

Rate this item
(0 votes)