May 05, 2024

ජනපති ජාතිය අමතන්න සූදානම්

එළඹෙන 16 වැනි බදාදා දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මෙහි දී ජනාධිපතිවරයා විසින් රටේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවට යි වර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙන වෙලාවක් පිළිබඳ මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.

Rate this item
(7 votes)
Last modified on Monday, 14 March 2022 15:36

Related items