May 06, 2024

රනිල් එජාපයේ බෞද්ධ පදනම විනාශ කළේ මෙන්න මෙහෙමයි

රාමඤ්ඤ මහා නිකාය විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ගෞරව නාමයක් පුද කෙරුවා.

ඒ "ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමයයි.

අභාවප්‍රාප්ත අගමැති

මීට පෙර "ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේ අභාවප්‍රාප්ත අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩඩ්ලි සේනානායක මහතායි.

රාමඤ්ඤ මහා නිකාය සජිත් ප්‍රේමදාස මහතාව "ශ්‍රී ලංකා ජනරංජන" නාමයෙන් පිදුම් ලැබුවේ ඔහු විසින් බුදු සසුනට කරන ලද සේවය අගය කිරීම සඳහායි.

විශේෂයෙන්ම ප්‍රේමදාස මහතා විසින් රටපුරා දුප්පත් පන්සල් නඟා සිටුවීම සඳහා විසින් දියත් කළ "සසුනට අරුණ" වැඩ සටහන මහා සංඝරත්නයේ ඇගයීමට ලක් වූවක්.

මහගෙදර බෞද්ධ පදනම

ප්‍රේමදාස මහතා බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරද්දී ඔහුගේ දේශපාලන මහගෙදර වන එක්සත් ජාතික පක්ෂය බෞද්ධ පදනමින් මිදුණු හැටි පිළිබඳවද තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

මීට වසර 28 කට පෙර රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප නායකයා වූ දා පටන් පක්ෂයේ බෞද්ධ පිලිවෙත් එකින් එක විනාශ කළා.

ඔහු ප්‍රථමයෙන්ම කළේ එ.ජා.පයට අනුබද්ධිත භික්ෂු පෙරමුණ විසුරුවා හැරීමයි.

සිරිකොත තහනම

ඉන්පසුව සිරිකොත බුද්ධ ප්‍රතිමාව ඉවත් කොට සිරිකොත රැස්වීම් වලට පෙර පන්සිල් සමාදන් වීම තහනම් කලා.

වික්‍රමසිංහ මහතා මහ නාහිමිවරුන්ට එ.ජා.පයට කළ හැකි බලපෑම ඉවත් කිරීම මත මහ නා හිමිවරුද පක්ෂයෙන් ඈත් වුණා.

මේ නිසාම වික්‍රමසිංහ මහතා වඩාත් ප්‍රසිද්ධ වූයේ බෞද්ධ විරෝධී එ.ජා.ප නායකයකු ලෙසයි.

නායක පරපුර

ඩඩ්ලි සේනානායක , ඩී.එස්. සේනානායක , රණසිංහ ප්‍රේමදාස , ඩී.බී.විජේතුංග යන මහත්වරුන් මහ නාහිමිවරු මෙන්ම මහා සංඝරත්නය සමග ඉතා කිට්ටුවෙන් වැඩ කළේ එ.ජා.ප නායකයන්.

ශ්‍රීමත් ජෝන් කොතලාවල , ජේ.ආර්.ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මහ නාහිමිවරුන් සහ මහා සංඝරත්නය සමග දුරස්ව වැඩ කළ එජාප නායකයින්.

Rate this item
(3 votes)
Last modified on Monday, 14 March 2022 07:01