May 10, 2024

කළ වැඩේ වැරදියි: මගේ අයිතිය කෝ - ගම්මන්පිල ප්‍රශ්න කරයි

ඉකුත් 10 දා පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදය පැවැත්වුණේ බලශක්ති අර්බුදය මුල් කොටගෙනයි.

එම විවාදයේදී අදහස් දැක්වීමට ඉකුත් සතියේදී බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ උදය ගම්මන්පිල මහතා දැනටත් නියෝජනය කරන ආණ්ඩු පාර්ශවයෙන් වේලාවක් ඉල්ලා සිටියා.

කතා කිරීමේ අයිතිය

පැය 5 ක කාලයක් පුරා පැවැති එම විවාදයේදී මේ වන විට සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුගේ තත්ත්වයට වැටී ආණ්ඩු පක්ෂයේ 4 වැනි ගාල් කොට ඇති ගම්මන්පිල මහතාට කතා කිරීමට අවස්ථාවක් ආණ්ඩු පාර්ශවයෙන් ලබාදුන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා සිය මතයද මේ වන විට ඉදිරිපත් කොට තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කිරීමේ පුරෝගාමින් අතර කෙනෙකු වන තමන්ගේ කතා කිරීමේ නිදහස වැළැක්වීම වැරදි බවයි ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ පොදුජන පෙරමුණේ සම්ප්‍රදායන් මේ වන විට බිඳ වැටී ආණ්ඩුවක් බිඳ වැටෙන තත්ත්වයට පත්ව ඇති බව තම විශ්වාසය බවයි.

සදාචාරය අභියෝගයට

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මගේ කතා කිරීමේ අයිතියට අවස්ථාවන් දුන්නේ නැහැ. අපේ ගැන මම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දැනුම් දුන්නා. ඒ ගැන කටයුතු කරන බව මට කිව්වා."

"එහෙත් ටික වේලාවකට පසු ඔහුගේ කාර්යාලයේ පුද්ගලයකු පැමිණ මට කිව්වා මාව අද දින කතා කිරීමේ ලැයිස්තුවට දාන්න බැහැ කියලා. ඉකුත් සතිය වෙනතුරු බලශක්ති ඇමතිවරයා ලෙස සිටියේ මම. තවමත් මම මන්ත්‍රීවරයෙක්. පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා 1,36,331ක ඡන්දදායකයන් මට ඡන්දය දුන්නා. ඒ නිසා මට කතා කිරීම අවස්ථාවක් නොදීම වැරදියි."

මේ ආණ්ඩුව ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ අයට කතා කිරීමට අවස්ථාව නොදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සදාචාරයන්ට, ප්‍රතිපත්තීන්ට හා කෙළෙහිගුණයට අභියෝග කිරීමක් ලෙසයි ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ.

ගම්මන්පිල මහතා මේ අදහස් පළ කර තිබුණේ දිනපතා ඉංග්‍රීසි බසින් පළවන ජාතික පුවත්පතක් අමතමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 March 2022 09:22