අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද ඇතුළත් වනවා.
මීට අමතරව පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ ද සීමා පනවා තිබෙනවා.
ආනයන අපනයන පාලකවරිය විසින් බලපත්‍ර නිකුත් කරන අතර ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය ද ලබා ගත යුතු බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.