May 18, 2024

ඩොලරය ගැන ඇමති මණ්ඩලයෙන් තීන්දුවක් - එව්වොත් දැන් ලැබෙන මුදල මෙන්න Featured

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමරිකානු ඩොලර් විනිමය සඳහා දැනට ගෙවන රුපියල් 10ක දිරි දීමනාවක් ගෙවනු ලබනවා.

ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජනා වී ඇත්තේ අදාළ දීමනාව රුපියල් 38ක් දක්වා වැඩි කරන ලෙසටයි.

අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින්.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මගින් වාර්ෂිකව මෙරටට ප්‍රේෂණය කරනු ලබන විනිමය ඩොලර් බිලියන 8කට ආසන්නයි.

එලෙස ඔවුන් එළඹෙන අවුරුදු සමයේ මෙරටට සිදුකරන ප්‍රේෂණ දිරි ගැන්වීම, ඒ සදහා වන දීමනාව ඉහළ නැංවීමේ අරමුණක්.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ඇති බව එම නිවේදනය සඳහන් කළා.

විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.

Rate this item
(1 Vote)