May 02, 2024

ජනපතිගෙන් අලුත් සභාවක් - සතිපතා රැස්වී ප්‍රශ්න විසඳන්න සුදානම්

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික සභාවක් පත් කර තිබෙනවා.

ඒ අනුව එම ආර්ථික සභාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම ආර්ථික සභාවේ වැඩ කටයුතු සෑම සතියකට වරක්ම රැස්වී සාකච්ජා කිරීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද, ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු ද, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස් ආර්.ආටිගල, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරු ද ඇතුළත් වෙනවා.

එම ආර්ථික සභාවට පැවරී ඇත්තේ ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්කම්වලට අනුව ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතනවලට අදාල උපදෙස් ලබාදීම හා රජය වෙනුවෙන් මඟ පෙන්වීමයි.

Rate this item
(1 Vote)

Related items