May 03, 2024

ජනපතිට ලයිට් කැපිල්ල දැනෙයි! නිලධාරීන්ගෙන් පොරොන්දුවක්: ජනතාවට ඉල්ලීමක්

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙනවා.

පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව එහිදී නිලධාරීන් සඳහන් කළා.

දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම අද (03) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

එබැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස, නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 March 2022 04:30

Related items