May 13, 2024

තිත්ත ඇත්ත ලංකාවේ ඓතිහාසික හතුරා ඉන්දියාව: ගම්මන්පිල එදා කිව්ව හැටි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය කාලසීමාව තුළම ඉන්දීය ගැති ප්‍රතිපත්තියක් කොන්දේසි විරහිතවම ප්‍රසිද්ධියේම අනුගමනය කළා.

විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමේ සිද්ධිය මුල් කොටගෙන.

යහපාලන ආණ්ඩු සමය

එහෙත් මීට වසර පහකට පමණ පෙර යහපාලන ආණ්ඩු සමයේ ගම්මන්පිල ඇමතිවරයා දැරුවේ ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක්.

ඔහු එදා ඉන්දියාව ගැන කිව්වේ මෙන්න මේ විදියට.

"තිත්ත ඇත්ත ලංකාවේ ඓතිහාසික හතුරා ඉන්දියාව."

ඒ අවස්ථාවේදී මේ වන විට මෙරට සෞඛ්‍ය අංශයට ඉතා ප්‍රයෝජනවත් වී තිබෙන සුවසැරිය ගැනත් ඇමතිවරයා අදහස් පළ කර තිබුණා.

ට්‍රෝජන් අශ්වයා

ගිලන් රථ සේවයක් ලෙස අපට තෑගි ලැබෙන්නේ ට්‍රෝජන් අශ්වයෙක්. ඉන්දියාවෙන් නිකම් ගිලන්රථ දෙනවලු ලංකාවට. හැබැයි නඩත්තු වියදම වාර්ෂිකව එන්.ජී ඕ එකකට දෙන්න ඕනේ."

එහෙත් පහුගිය කාලයේ කොවිඩ් වසංගතය දරුණු වූ සමයේ ඉන්දියාවෙන් ලැබුණු සුවසැරිය පිළිබඳව ගම්මන්පිල ඇමතිගේ අතිජාත මිත්‍රයා වන විමල් වීරවංශ ඇමතිවරයා කතා කළේ දැඩි අගය කිරීමක් සමග.

යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ඉන්දියාව දැක් වූ දායකත්වය ගැනත් ගම්මන්පිල ඇමතිවරයා එදා අදහස් දක්වා තිබුනේ මේ විදියට.

ඉන්දියාවට දෙන තෑගි

"ලංකාව කැමති වුණත් නැතත් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට ඉන්දියාව දරපු මහන්සියට තෑගි දෙන්න අද ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා."

"හනුමා පාලම ඉන්දියාවේ තනි කැමැත්තට හදද්දි නිහඬව නිවටව ඉන්න වෙලා තියෙන්නේ මේ හේතුව නිසයි."

"රටට අවාසි සීපා ගිවිසුමේ කොටසත් එක්ටා නමින් ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙලා තියෙන්නෙ මේ හේතුව නිසයි.ඉන්දියාවේ බලපෑමට රට ෆෙඩරල් කරන ව්‍යවස්ථාව අරගෙන එන්නේ සිද්ධ වෙලා තියෙන්නේ මේ හේතුව නිසයි."

ගම්මන්පිල ඇමතිවරයා එදා මෙසේ අදහස් පළ කළේ හෝමාගම ආසනයේ ජාතික හෙළ උරුමයට අනුබද්ධිත ජන සභාව පිහිටුවීමේ උත්සවයට සහභාගි වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 01 March 2022 03:06