May 04, 2024

සිරා ගැන රනිල් දැන් කියන ඔය කතාව මම කිව්වේ වසර 6 කට කලින් - හිටපු එජාප මහ ලේකම්

February 22, 2022

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික දිනකට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මතභේදාත්මක කරුණු රැසක් ඉදිරිපත් කළා.

එහිදී ඔහු මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයා කොට ජනපතිවරයා ලෙස පත් කර ගැනීමට ගත් තීන්දුව ගැන විවෘතම අදහස් පළ කළා.

ප්‍රසිද්ධියේ දැක්වූ විරෝධය

එම තීන්දුව වැරදි බවට ඔහු එහිදී පළමු වතාවට පිළිගත්තා.

වික්‍රමසිංහ මහතාගේ එම මතය පිළිබඳව එවකට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්ව සිටි තිස්ස අත්තනායක මහතාගෙන් මහතාගෙන් ඒෂියන් මිරර් කරුණු විමසීමක් කළා.

අත්තනායක මහතා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂ මහ ලේකම්ව සිටී මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය ලබාදීමට ප්‍රසිද්ධියේම සිය විරෝධය පළ කළ තැනැත්තායි.

කලින්ම කී අනාවැකිය

වික්‍රමසිංහ මහතා අද සිරිසේන මහතා ගැන කියන ඒ කතාව තමන් කිව්වේ මීට වසර 6 කට පමණ පෙර බවයි අත්තනායක මහතා මතක් කර දෙන්නේ.

තමා ජනපතිවරණයට හරියටම මාසයකට පෙර එනම් 2014 දෙසැම්බර් මස 8 වැනි දින එ.ජා.ප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයාට දුන් වෙලාවේ සිරිසේන මහතා ජනපති අපේක්ෂකයා කිරීමෙන් රටට හා පක්ෂයට මුහුණ දීමට සිදුවෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි අනාවැකියක් කියූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

තමා ඒ බව කටින් පමණක් නොව ලිඛිතවම පක්ෂයට දැනුම් දුන් බව පෙන්වා දෙන අත්තනායක මහතා තමා එදා එසේ කියද්දී තමාට පහර දුන් හැටි , විවේචනය කර හැටි , චෝදනා කරපු හැටි තමාගේ මතකයේ හොඳට ගබඩා වී තිබෙන බවද අත්තනායක මහතා අවධාරණය කරනවා.

ඉදිරිපත් කළ යෝජනාව

ජනපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවානම් එම අපේක්ෂකයා එ.ජා.ප අපේක්ෂකයෙකු විය යුතු බවත් ඒ සඳහා පක්ෂයට පිටින් කිසිවකු ගෙන නොආ යුතු බව තමා එදා පක්ෂයේ වගකිව යුත්තන් අමතා අවධාරණය කළ බව අත්තනායක මහතා සඳහන් කරනවා.

එසේ නොවුණහොත් එ.ජා.පයේ ඉරණම භයානක බවට තමා අනතුරු ඇඟ වූ බවද මතක් කරන ඔහු යම් හෙයකින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වුවහොත් එ.ජා.ප යට භයානක ඉරණමක් අත් වන බවද සඳහන් කළ බවයි අනාවරණය කරන්නේ.

තමා එසේ කියා වසර 5 ක් යන විට දශක මතක ඉතිහාසයකට උරුමකම් කියන දැවැන්ත එ.ජා.ප යට එක් මන්ත්‍රීවරයෙක්වත් මහ මැතිවරණයේදී තරග කොට දිනාගැනීමට නොහැකි තත්ත්වයට පත්වූ බව මතක් කර දෙනවා.

අත්තනායක මහතා මේ වන විට සමගි ජන බලවේග ජාතික සංවිධායකවරයා ලෙසත් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 February 2022 16:20