May 05, 2024

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට ඉඟි කරයි

February 21, 2022

අමාත්‍යාංශවල කටයුතු පහසු කරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත්, අමාත්‍යාංශ වල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් හමුවේ දී කැබිනට් ඇමැතිවරුන්ට සිහි කර දී තිබෙනවා.

මේ පිළිබඳව සංවාදය මතු වී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර සමහර අමාත්‍යාංශවල ඇතිවී තිබෙන ගැටුම පිළිබඳ කැබිනට් හමුවේ දී ඇමතිවරුන් ජනාධිපතිවරයාට දැන් වූ අවස්ථාවේදීය.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කැබිනට් ඇමතිවරයාගේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවයි.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම මේ සම්බන්ධව දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

මේ වන විට වනජීවී ඇමති සී බී රත්නායක සහ රාජ්‍ය ඇමති ඇමති විමලවීර දිසානායක අතර ඇතිවී තිබෙන ගැටුම, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇමතිකමින් ඉවත් වීම දක්වා දුර දිග ගිය ගැටුම වැනි අර්බුදකාරී තත්ව සම්බන්ධව සාකච්ඡාවට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 February 2022 14:36

Related items