May 04, 2024

සිරිසේනත් තීන්දුව රිවස් කරයි: යන්න කල්පනාවක් නැහැ කියයි

February 13, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සන්ධානයේ සන්ධානගත පක්ෂයක්.

ඔවුන් පසුගිය දින කිහිපය කළ ප්‍රකාශ මත පොදුජන පෙරමුණෙන් කැඩී යනු ඇති බවට අනාවැකි පළ වුණා.

තත්ත්වයේ වෙනසක්

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව එම තත්ත්වය දැන් වෙනස් වෙලා.

ඉකුත් 4 වැනිදා එනම් නිදහස් දිනයදා ශ්‍රී.ල.නි.ප සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීන්දු තීරණ මත ඒ බැව් තහවුරු වනවා.

එම මධ්‍යම කාරක සභා රැස්වීමේදී යෝජනා 15ක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එම යෝජනා ඊට පසු දින එනම් 5 දා පැවැති සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී සම්මත කරගත්තා.

ඒ ඒකමතිකව.

ආණ්ඩුවට යෝජනාවලියක්

රට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී නිවැරදි මඟට යොමු කිරීම සඳහා ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග එම යෝජනා වල අන්තර්ගතය වූ අතර එම යෝජනාවලිය මේ වන විටත් ජනපතිවරයාට ලබාදී ඇති බව ශ්‍රී.ල.නීපය පැත්තෙන් ප්‍රකාශ වනවා.

ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ශ්‍රී.ල.නි.පයේ පහළ කොටස්වලින් බලපෑම් ආවද පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ වෙනත් කතාවක්.

ඉහත සඳහන් යෝජනා මාලාව සම්මත කර ගත් අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

ඔහු ඊට සෘජු පිළිතුරක් ලබා දුන්නා.

අපි ආණ්ඩුවෙන් අස් වෙන්නේ නැහැ කියායි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 February 2022 08:47