May 04, 2024

ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනය මෛත්‍රීට! Featured

February 10, 2022

2022 ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(10) දකුණු කොරියාව බලා පිටත්ව යයි.

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබූ බව වාර්තා වනවා.

එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(10) අලුයම සිංගප්පූරු ගුවන් සමාගමට අයත් SQ469 ගුවන්‍ යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියා.

ආසියානු කලාපය තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කළ රාජ්‍ය නායකයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ගෞරවාදරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා හට පෞද්ගලිකව මෙම ආරාධනය කර තිබෙනවා.

දකුණු කොරියාවේ පැවැත්වෙන 2022 සාමය පිළිබඳව ලෝක සමුළුව ඇමතීමට සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු මුණගැසීමට මෙම සංචාරය අතරතුර දී මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තුවෙන් සිටින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 February 2022 09:30