May 03, 2024

යුද්ධයේ ජය පැරදුම ගැන හිටපු හමුදාපතිගෙන් ජනපතිට පොතක්

හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා රචිත “THE CONFLICT THAT ELUDED PEACE” ග්‍රන්ථයේ මුල් පිටපත ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්විණ.

ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ වසර 36ක හමුදා ජීවිතයේ ලද අත්දැකීම් අලළා ග්‍රන්ථය රචනා කර තිබෙනවා.

පාබල රෙජිමේන්තුවක මේජර් වරයෙකුගේ සිට හමුදාපතිවරයෙකු ලෙස විශ්‍රාම යන තෙක් යුද්ධයට සක්‍රීයව දායක වෙමින් යුද බිමේ දී ලද ජයග්‍රහණ මෙන්ම පසුබෑම් පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් මින් ඉදිරිපත් කෙරෙන බව කෝට්ටේගොඩ මහතා පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 15:02

Related items