May 04, 2024

සිරිසේන නැහැ කිව්වොත් ඔව්ම තමයි : හිටපු ජනපතිත් මීළඟ ජනපතිවරණයට Featured

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න පිළිබඳව තිබෙන්නේ ප්‍රශ්නයක්.

ඊට හිටපු ජනපතිවරයා පිළිතුරු දී තිබෙනවා.

මීළඟ ජනපතිවරණය

ඒ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවති සාකච්ඡාවකදී.

ඔහු සඳහන් කොට තිබෙන්නේ තමන් මීළඟ ජනපතිවරණයට තරග නොකරන බවයි.

එහෙත් රට ගොඩ ගැනීමේ කටයුත්තට සක්‍රියව දායක වන බවත් හිටපු ජනපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

හිටපු ජනපතිගේ පිලිවෙත

සාමාන්‍යයෙන් හිටපු ජනපතිවරයා තමන් කරන ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ දේ කරන කෙනෙක්.

මේ නිසා ඔහු ස්ථිර ලෙසම මීළඟ ජනපතිවරණයේ ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට අවශ්‍ය වට පිටාව සකසා ගැනීමට කටයුතු කරනු ඇති.

හිටපු ජනපතිවරයා මේ වන විටත් ආණ්ඩුව තුළින් සිටිමින් ආණ්ඩුව අපහසුතාවයට පත්වන අයුරින් විවේචන ඉදිරිපත් කරමින් සිටින්නේ ආණ්ඩු විරෝධී නායකත්වයක් ඉලක්ක කර ගනිමින්.

මීළඟ ජනපතිවරණයට පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2024 වර්ෂයේ.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 25 January 2022 10:05