ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද(22) පැවැත්වීමට නියමිතයි.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෛත්‍රී විපක්ෂනායක ධූරයට?
පක්ෂයේ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ආර්ථික වැඩපිළිවලේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම දිස්ත්‍රික් නියෝජිත සමුළු පැවැත්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරෙනු ඇති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂනායක ධූරය භාරගන්නා බවට පැතිර යන කතාවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදී තිබුණා.
විපක්ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් තමන්ට නැති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
විපක්ෂනායක ධූරය භාරගන්නා බවට පැතිර යන කතාවන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසුවා.
යළිත් සද්දය දාන දවස
හෙතෙම මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (21) පැවති සම්මාන උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
පසුගිය කාලයේ නැගූ හඬ දැන් යටපත් වී තිබෙන්නේ ඇයිදැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තවත් දිස්ත්‍රික්ක පහ හයක පක්ෂ සම්මන්ත්රණ පැවැත්වීමට නියමිත බවත්, ඒවායේදී යළිත් සද්දය ඇසෙනු ඇති බවත්ය.
මධ්‍යම කාරක සභාව හෙට (21) රැස්වන්නේ විශේෂ තීරණයක් ගැනීමට නොවන බවත් එය වසරේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
නව සන්ධානගතවීම් සිදුවුවහොත් සිදුවන්නේ ඉදිරි දේශපාලන පෙරලි සමඟ බවයි ඔහු වැඩිදුරටත් අවධාරණයව කළේ.