May 03, 2024

රජයෙන් පමණක් උසස් අධ්‍යාපනය ලබා දීම යථාර්ථයක් නොවෙයි : ජනපති

උසස් සමත් වන සියලු සිසු සිසුවියන්ට ගුණාත්මක විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් රජය මගින් පමණක් ලබා දීම යථාර්ථයක් නොවන බව ජනපති වරයා පෙන්වා දෙනවා.

රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනීමට අවස්ථාව ලැබෙන්නේ වාර්ෂිකව අ.පො.ස උසස් පෙළ සමත් වන සිසු සිසුවියන්ගෙන් 25,000 කට පමණක් බව ජනපතිවරයා අවධාරණය කරනවා.

විදේශීය අධ්‍යාපනය

මේ තත්ත්වය තුළ ඇති හැකි අයගේ දරුවන් සිය දෙමව්පියන්ගේ ඉඩකඩම් විකුණා හෝ උසස් අධ්‍යාපනය සඳහා විදේශීය රටවලට යොමු වන බවත් එය අන් දරුවන්ට කෙරෙන අසරණ වන බවයි ජනපතිවරයාගේ මතය වන්නේ.

මෙරට ආර්ථික අපහසුතා පෙළෙන දරුවන්ට මෙන්ම යමක් කමක් ඇති දරුවන්ටත් මෙරටදීම උසස් අධ්‍යාපනය ලබාදීමට හැකි ආකාරයට අධ්‍යාපන ක්ෂේත්‍රය සැකසිය යුතු බව ජනපතිවරයා පෙන්වා දෙනවා.

නව අධ්‍යාපන රටාවක්

මේ නිසා අපේ රටේ මුදල් විදේශ රටවලට යවනවා වෙනුවට ඉහළ ගුණාත්මක අධ්‍යාපන රටාවක් තුළින් විදේශීය සිසුන්වද ආකර්ෂණය කර ගැනීමට ඇති අවස්ථාව අප අත නොහැරිය යුතු බවයි ජනපතිවරයා අවධාරණය කරන්නේ.

ජනපතිවරයා මෙම අදහස් පළ කළේ අද (18) නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් කළ රාජාසන කතාවේදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 15:23

Related items