May 03, 2024

ආණ්ඩුව ඡන්දවලට බය නැහැලු : ඡන්දයක් තියෙන වෙලාවත් ඇමති නාමල් කියයි

වත්මන් ආණ්ඩුව ඡන්ද වලට බය නැති බව නාමල් රාජපක්ෂ ඇමතිවරයා හෙළිදරව් කරනවා.

පාරට බැස ඡන්ද තබන ලෙස උද්ඝෝෂණය කළේ තම පක්ෂය බවද ඔහු පෙන්වා දෙනවා.

ප්‍රමුඛතාව වසංගතයට

එහෙත් ඡන්දයට වඩා කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීම රජයේ ප්‍රමුඛතාවය යොමු වූ අංශය බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් හේතුවෙන් වසා ගෙන යන බවයි සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවට එසේ යළිත් රට වැසීමට නොහැකි බව ඔහු අවධාරණය කරන්නේ මේ වන විට එන්නත්කරණය සාර්ථකව කරගෙන යන බවද මතක් කරමින්.

ඕනෑම වේලාවක ලෑස්තියි

ඒ නිසා මේ ආණ්ඩුව ඕනෑම වේලාවක ඡන්දයකට යෑමට සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය අමතා.

මේ වට විට පළාත් සභා 9ය සඳහා ඡන්දය පැවැත්විය යුතු අතර එළඹෙන පෙබරවාරි 10දා ඇල්පිටිය හැර අන් පළාත් පාලන ආයතනවල එම කාලය අවසන් වීමට නියමිතයි.

එහෙත් විෂය භාර පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තමන්ට පැවරී ඇති බලතල වලට අනුව පලාත් පාලන ආයතන වල ආයතනවල නිල කාලය තවත් වසරකින් දික් කොට තිබෙනවා.

Rate this item
(8 votes)
Last modified on Wednesday, 12 January 2022 19:41