May 21, 2024

සකුරායි ගුවන් සමාගමේ ප්‍රධානීන් රිමාන්ඩ්

කොළඹ අපරාධ කොට්ඨාස මගින් අත්අඩංගුවට ගත් "සකුරායි" සමාගමේ කළමනාකාරවරයා, අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන ඉංජිනේරුවරයා රිමාන්ඩ් කිරීමට අද (11) අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෙම පුද්ගලයින් එළඹෙන 18 වැනි දින රිමාන්ඩ් භාරයේ තැබෙනු ඇති.

පසුගියදා අවස්ථා දෙකක දී හදිසි ගොඩබෑමට ලක් වූ සෙස්නා 172 සැහැල්ලු ගුවන් යානාවල කාර්මික දෝෂ සිද්ධීන් සහ එතුළින් මනුෂ්‍ය ජීවිතයට බලපෑම් එල්ල වීම සම්බන්ධයෙනුයි ඊයේ (10) මෙම පුද්ගලයින් අත් අඩංගුවට ගැනුණේ.

සබැඳි පුවත් -  සකුරායි ගුවන් සමාගමේ ලොක්කන් තිදෙනෙක් අත්අඩංගුවට

                  තවත් ගුවන් යානයක් හදිසියේ කිඹුලාපිටියට ගොඩබායි : සිව්දෙනෙකු රෝහලට (PHOTOS)

                  හදිසි ගොඩබෑම් සිදු කළ යානා අයත් සමාගමේ වැඩ නවතා දමයි

                  පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩබස්සවයි

Rate this item
(0 votes)