May 09, 2024

(EXCLUSIVE) ජ්‍යෙෂ්ඨයාගෙන් ආණ්ඩුවට පණිවිඩයක් : මෙන්න වැන්දා - මටනම් තනතුරු එපා

චන්දිම වීරක්කොඩි මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්.

ඔහු ඇතුළු මීට පෙර කැබිනට් ඇමති ධුර දැරූ තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ආණ්ඩු පක්ෂය මන්ත්‍රීධූර වලට පමණක් සීමා කර තිබෙනවා.

ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම

ඔවුන්ට කැබිනට් ඇමතිධුර නොලැබුණු නිසා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ආණ්ඩුව අපහසුතාවයට පත්වන අයුරින් සිය අදහස් විවෘතව දක්වන බවට මතයක්ද තිබෙනවා.

ඉතා නුදුරේම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වන බව වාර්තා වන්නේ මෙවැනි පසුබිමක් තුළ.

එහිදී තමන්ට ඇමති ධූරයක් ලැබුණොත් බාරගන්නවා දැයි චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාගෙන් සම්බන්ධයෙන් අප විමසීමක් කළා.

මන්ත්‍රීවරයාගේ දැඩි ප්‍රතිචාරය

ඒ ඒෂියන් මිරර් අප මන්ත්‍රීවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී.

"මෙන්න වැන්දා.මට මේ ආණ්ඩුවෙන් කිසිම තනතුරක් එපා." වීරක්කොඩි මන්ත්‍රීවරයා ඊට පිළිතුරු දුන්නේ ඒ ආකාරයටයි.

මහජනතාව තමන්ට ලබා දුන් මන්ත්‍රී ධූරයේ වගකීම නිසි අයුරින් ඉටු කරන බැවින් තමන්ට මහජනතාව හමුවට යෑමට, පාරේ යෑමට ප්‍රශ්නයක් ඇති වී නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

ඔහු එසේ අවධාරණය කරන්නේ මහජනතාවගේ ඉවසීමේ සීමාව රතු කට්ට ළඟටම පැමිණ ඇති බව ආණ්ඩුවට මතක් කර දෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 January 2022 18:32