වැලිවේරිය ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා.
සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් පවුලක 50 හැවිරිදි පියා සහ 25 හැවිරිදි දියණියකට ඇති වූ රෝග ලක්ෂණ මත සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඔමික්‍රෝන් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එම පවුලේ මව, මිත්තනිය සහ දියණියකටද රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ (31) හඳුනා ගෙන තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ද ඊයේ ඒබව තහවුරු කළා.