May 18, 2024

ඩොලර් හිඟය උග්‍ර අතට - සපුගස්කන්ද වසා දමයි

December 30, 2021

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වතාවක් වසා දමන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

මීට හේතු වී ඇත්තේ තෙල් පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන බොරතෙල් මේ දක්වා ලබා ගැනීමට නොහැකි වීමයි.

මෙම තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන බොරතෙල් මිල දී ගැනීම සඳහා මේ වනවිට රට තුළ පවතින බරපතළ ඩොලර් අර්බුදය බලපා ඇති බව වාර්තා වනවා.

මීට පෙර අවස්ථාවකදීත් බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණා.

තෙල් පිරි පිරිපහදුව නැවත මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණේ දින තිස් හයක් වසා දමා තිබීමෙන් අනතුරුවයි.

මෙරටට අවශ්‍ය කරන භූමිතෙල්, ගුවන්යානා ඉන්ධන සහ නැප්තා නිෂ්පාදනය කෙරෙන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු හරහා යි.

කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් ඉදිරි කාලයේ දිවයිනේ බරපතළ භූමිතෙල් හිඟයක් මතුවිය හැකි බවට වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ගෑස් අර්බුදය හේතුවෙන් භූමිතෙල් වලට වැඩි ඉල්ලුමක් මතු වී ඇති බවත් මෙලෙස භූමි තෙල් නිෂ්පාදන කටයුතු අඩාල වීම හේතුවෙන් පොදු ජනතාවට තවත් බරපතළ ගැටලු රාශියක් මතු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)