May 19, 2024

අද කාලගුණය : පළාත් කිහිපයක තැනින් තැන වැසි

December 29, 2021

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවත්  මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකියේ සඳහන්.  

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන අතර මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඊයේ (28) රත්නපුර දිස්ත්‍රික්කයේ ගල් වැටීමේ අවධානමක් හේතුවෙන් පවුල් 4ක පුද්ගලයින් 18 දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවධානමක් හේතුවෙන් පවුල් 3ක පුද්ගලයින් 12දෙනෙකු සහ ගිනි ගැනීමක් හේතුවෙන් 1ක් පවුලක පුද්ගලයින් 4දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම කිලිනොච්චියේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් එක්‌ පවුලක පුද්ගලයින් 4 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර යාපනයේ ගිනි ගැනීමක් හේතුවෙන් 1ක් පවුලක පුද්ගලයින් 4දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ආපදා හේතුවෙන් සමස්ත පුද්ගලයින් 42දෙනෙකු පිඩාවට පත් වී තිබෙන අතර ඔවුන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

Rate this item
(0 votes)