May 11, 2024

ගම්මන්පිල දැන් නොම්බරේ එකේ හිඟන්නෙක්

December 24, 2021

නයිජීරියාව අප්‍රිකානු රටක්.

ශ්‍රී ලංකාවේ සිටින එහි තානාපතිවරයා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුණගැසුණා.

ඇමති තානාපති හමුව

ඒ සිය අමාත්‍යාංශයේදී.

එහිදී ඇමැතිවරයා නයිජීරියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ දිගු කාලීන සහන ණය මත බොරතෙල් ලබා.දෙන ලෙසටයි.

ඒ තෙල් ගෙන්වීම සඳහා ඩොලර් නැති කම නිසා.

කලින් කළ ඉල්ලීම

ගම්මන්පිල ඇමතිවරයා මීට පෙර ඉරාන සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය තානාපති වරුන්ගෙන්ද මෙම ඉල්ලීම කළා.

එහෙත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

මීට පෙර ඉරානයෙන් ණයට ගත් තෙල් සඳහාද වසර හතරකින් මුදල් ගෙවා නැහැ.

මසක වියදම

මෙරටට මසකට අවශ්‍ය තෙල් ගෙන්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 420 ක් (රු. මිලියන 84000) අවශ්‍ය වනවා.

මහා භාණ්ඩාගාරය සතු රත්තරන් තොගය අලෙවි කළත් එම මුදල සොයා ගැනීමට නොහැකියි.

මහා භාණ්ඩාගාරය සතු රත්තරන් වල වටිනාකම ඇමරිකානු ඩොලර් 381ක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 December 2021 16:35