May 05, 2024

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්ට මාරුවක්! තවත් අමාත්‍යාංශයකට අලුත් ලේකම්වරයෙක්

December 22, 2021

අමාත්‍යාංශය දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරු පත්කර ඇති බවයි.

අනූෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙසත්, ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

එම පත්වීම් 2022.01.01 වන දින සිට බලපැවැත්වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 15:44