May 12, 2024

චීනය සජිත් දෙසට හැරෙයි! චීනයේ නිරීක්ෂණයෙන් පසු සුවිශේෂී පරිත්‍යාගයක්

December 22, 2021

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහනකට චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කොට තිබෙනවා.

ඒ කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් මෙරට රෝහල්වල සෞඛ්‍යය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක "සමගි ජන බලවේගයේ හුස්මක්" වැඩසටහනටයි.

ඒ පිළිබඳව ස්වකීය ප්‍රසාදය සහ, සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබ තිබෙනවා.

වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින Kidney Dialysis Machine සදහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය අද (22) කටයුතු කළා.

ණය නොවේ පරිත්‍යාගයක්

එය සහමුලින්ම ණය මුදලක් නොවන පරිත්‍යාගයක් බවයි චීන නියෝජිතයින් සදහන් කරන්නේ.

මෙම ආධාර මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැති සාකච්ඡාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් අවධාරණය කළේද තම රටේ පුරවැසියන් වෙනුවෙන් ණය මුදලක් වෙනුවට පරිත්‍යාගයක් ලබා දෙන ලෙසය.

අදාල වැඩසටහන ඒ පවත්නා විනිවිදභාවය පිළිබඳව දැඩිව පැහැදීමට පත්ව සිටින තමන් මෙම පරිත්‍යාගය ලබාදෙන බවයි චීනය සඳහන් කර ඇත්තේ. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද හුස්ම සමාජ සත්කාර වැඩසටහන මේ වන විට අදියර 34ක් පවත්වා තිබේ.

චීන තානාපතිගේ නිරීක්ෂණය

ඒ හරහා රෝහල් වලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබාදීමට කටයුතු කරන ලද අතර ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත ලෙසත් එම කටයුත්ත සිදු කරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇතැයි කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් මහතා පවසනවා.

මේ පිළිබඳව ස්වකීය අවධානය යොමු කළ චීන රජය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට අදාල පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙරට ජනතාවගේ සුභසිද්ධිය සහ සෞඛ්‍ය වර්ධනය කිරීම වෙනුවෙන් චීනය ලබා දුන් මෙම පරිත්‍යාගය පිළිබඳව ස්වකීය කෘතවේදීත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් පුද කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, සම්ප්‍රදායක විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික කැපවීම සමගි ජන බලවේගය ආදර්ශයෙන්ම පෙන්වන බව කියා සිටියා.

දේශපාලනය වෙනුවට දේශසේවය

ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් නොකළ සංවර්ධන කටයුතු රැසක් බලය නැතිව පවා ඉටු කිරීමට තම පක්ෂයට හැකිවූ බව පැවසූ විපක්ෂ නායකවරයා තමත් සිදුකරන්නේ දේශපාලනය වෙනුවට දේශසේවය බවද සඳහන් කළා.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

Rate this item
(1 Vote)