May 07, 2024

ඇමතිකම හා මන්ත්‍රීකම එපා කිව්ව ඇමති ආරක්ෂාව තුන් ගුණයකින් වැඩි කරගෙන

December 18, 2021

අධිකරණ ඇමැති අලි ෂබ්රි මහතා මීට ටික කලකට පෙර සිය ඇමති ධූරයෙන් සහ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපි ජනපතිවරයාට ලබා දුන්නා.

ඒ එක රටක් එක නීතියක් සඳහා වූ ජනපති විශේෂ කාර්ය බලකාය සභාපති ධුරය පූජ්‍ය ගලබොඩඅත්තේ ඥනසාර හිමිට ලබාදීම මුල් කොටගෙන.

ආරක්ෂකයින් ඉහළට

එසේ ඇමතිකමින් හා මන්ත්‍රීකමින් ඉල්ලා අස්වීමට සූදානම් වූ ෂබ්රි මහතා තමාට හිමි ආරක්ෂකයින් සංඛ්‍යාවට වඩා ආරක්ෂාවක් යොදවා ගෙන ඇති බව වාර්තා වනවා.

අධිකරණ ඇමතිවරයාව සඳහා මතක තිබෙන්නේ විශේෂ ආරක්ෂක දිසාවේ නිලධාරීන් 7 දෙනකු පමණයි.

විශේෂ කාර්ය බලකාය

එහෙත් ඔහු එම සංඛ්‍යාව 14 දක්වා ඉහළ දමා ගෙන ඇති බව වාර්තා වනවා.

විශේෂ කාර්ය බලකායේ කිසිදු නිලධාරියකුගේ ආරක්ෂාවක් ෂබ්රි අමාත්‍යවරයාට අනුමත කොට නැති මුත් එම බළකායේ 6 දෙනෙකුද සිය ආරක්ෂාවට යොදවා ගෙන තිබෙනවා.

ඒ අනුව අලි සබ්රි මහතාගේ ආරක්ෂකයින් සංඛ්‍යාව 20 දක්වා තුන් ගුණයකින් වැඩි කරගෙනයි තිබෙන්නේ.

අලි ෂබ්රි මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ජාතික ලැයිස්තුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 December 2021 09:11

Related items