මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (15) අලුයම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබෙනවා .
ඒ මහතා සමග ඔහුගේ බිරිඳ ද මෙම ගුවන් ගමන සදහා එක් වී තිබුණා.
ඔවුන් දෙදෙනා අද (15) අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.
මේ අතර සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14) මධ්‍යම රාත්‍රී ආපසු පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ඒ මහතා සමග තවත් 05 දෙනෙකු මෙම සංචාරය සදහා එක් වී සිටියා.
මෙම පිරිස ඊයේ (14) දින මධ්‍යම රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ජනාධිපතිවරයා ඇතුළු මෙම පිරිස ඉකුත් 13 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.