April 28, 2024

දැවැන්ත මුදලක් යට කරමින් නුවරඑළියට කේබල් කාර්! මාස 18න් වැඩ අවසන් Featured

December 12, 2021

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

රටේ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් එය හැඳින්විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසනවා.

මේ අනුව ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධන මාවතකට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන විශේෂ සංවර්ධන ව්‍යාපෘති අතර එක් ව්‍යාපෘතියක් වූ නුවරඑළිය නගර සංවර්ධනයට ඇතුළත් කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම පසුගිය දා නිල වශයෙන් සිදුවුණා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය මගින් නුවරඑළියට පැමිණෙන සංචාරකයින්ට සුව පහසුව සහ විනෝදාස්වාදය මෙන්ම සියලු පහසුකම් ලබාදීමට ද අපේක්ෂා කෙරෙනවා. 

නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 02 කින් කිලෝමීටර් 04 ක් දුරට මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ තුළින් පරිසරයේ චමත්කාරය විඳගැනීමටත් ඉහළ අහසේ සිට නැවුම් අත්දැකීමක් ලබාගැනීමටත් අවස්ථාව උදාකරදීම මෙහි මූලික අරමුණය. 

ඉදිරි මාස 18 ඇතුළත යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට අදාළ සියලු සැලසුම් මේ වනවිට සකස් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 55 ක දැවැන්ත ව්‍යාපෘතියක්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 December 2021 17:53