May 03, 2024

සජිත් පිල ලියුමක් යවපු තැන සභානායක හෙලි කරයි Featured

December 08, 2021

සමගි ජන බලවේග පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංසදයට ලිපියක් යවා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා.

එම හෙළිදරවුව කළේ සභා නායක දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රකාශය

දින දෙකක වර්ජනයකින් පසු අද (8) සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට වාර්තා කළා.

ඒ සමගම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයා අමතා කළ ප්‍රකාශයක් මුල් කොට ගෙනයි සභානායකවරයා මෙම හෙලිදරව්ව කලේ.

කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොමැති නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට යෑමේ බලයක් ව්‍යවස්ථාවෙන්ම මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති බවයි.

සභානායක පිළිතුර

ඊට පිළිතුරු දෙමින් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණයට පමණක් නොව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංසදයට වාර්තා කළත් ප්‍රශ්නයක් නොමැති බවයි.

සමගි ජන බලවේගය අදාළ සිද්ධිය ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංසදයට ලිපියකින් දැනුම්දී ඇති බව ඇමතිවරයා එළිදරව් කළේ ඒ ප්‍රකාශයත් සමගයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 10:18