April 28, 2024

සජබ උද්ඝෝෂණට අගමැති මහින්ද යයි! රාජිතට, චම්පිකට පාඩමක් කියා දෙයි

December 06, 2021

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජල පොකුණ ආසන්නයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ උද්ඝෝෂණයේ යෙදී සිටියදී ඒ අසලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමග විනාඩි කිහිපයක් සුහදව කතාබස් කරමින් සිටිනු දක්නට ලැබිණ.

තමා ඉතිහාසයේ මෙවැනි දේශපාලන සටන්වල යෙදී සිටි ආකාරය සිහිපත් කරමින් අගමැතිවරයා මෙහිදී උද්ඝෝෂණයේ යෙදුණු මන්ත්‍රීවරුන් සමඟ කතාබහ කළේය.

විරෝධතාවක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි කර ගත යුතු බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටි සමගි ජන ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රීවරුන්වන රාජිත සේනාරත්න, ඉමිටියාස් බාකීර් මාකර් සහ පාඨලී චම්පික රණවක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි දී අගමැතිවරයා සමඟ සුහද කතාබහක නිරත වනු දැකගත හැකි විය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 December 2021 00:23