May 12, 2024

පාර්ලිමේන්තුව වර්ජනය කළ සජිත් පිලේ මන්ත්‍රී පිරිස ඉන්න තැන එළියට

December 06, 2021

සමගි ජන බලවේගය ආරක්ෂාවක් නොමැති බව සඳහන් කරමින් පාර්ලිමේන්තුව වර්ජනය අද (6) වර්ජනය කළා.

එහෙත් මේ වන විට එම පිරිස පාර්ලිමේන්තු භෝජනාගාරයේ සිටින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා හෙළිදරව් කළා.

මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව ඇතුළේ

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවක් නැතිනම් භෝජනාගාරයේ ආරක්ෂාවක් තිබෙන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

ජාත්‍යන්තරයට පණිවිඩයක් දීම සඳහා සමගි ජන බලවේගය මේ වර්ජනය කරන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

මන්ත්‍රීවරයාට පහරදීමට යෑම

සමගි ජන බලවේග මන්ත්‍රී මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පහර දීමට තැත් කිරීම හේතු කොටගෙනයි සමගි ජන බලවේගයේ මෙම වර්ජනය දියත් කරන්නේ.

සමගි ජන බලවේගය ඉකුත් 5 එම වර්ජනය ආරම්භ කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 December 2021 14:27