දියතලාව දොඩම් වත්ත හෙලවත්ත නිවසක අද (30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි දියතලාව පොලිසිය පවසනවා.
මෙම පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති බව පොලීසිය පවසනවා.
ගෑස් ලිප පුපුරන අවස්ථාවේ නිවසේ සිටි දර්ශන ලක්මාල් මහතා මෙසේ සඳහන් කළා.
"ගෑස් ලිප් පුපුරන බව කියන නිසා අපි උදේ දර ලිපෙන් තමයි කෑම හැදුවේ. මමයි, අම්මයි, නංගිලා දෙන්නයි ගෙදර ඉන්නේ. 6.30ට විතර අම්මා නංගිව පාසල් යවන්න පාරට එක්කරගෙන ගියා. මම කාමරයේ හිටියේ. කුස්සියෙන් එක් වරම විශාල ශබ්දයක් ඇසුනා. මම බෙඩ් ෂීට් එක අරගෙන ඇවිත් වහලා රෙගුයුලේටරය ගලවලා ගෑස් සිලින්ඩරේ එළියට දැම්මා. ගෑස් ලිප විනාශ වී තිබුණා."