ආණ්ඩුවේ මත ගැටුම් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුව අතර ඇතිවූ විවේචනය ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබෙනවා.
ආණ්ඩුවක් පිහිටුවීමට එක්වෙන ඕනෑම පක්ෂ අතර ඉඳහිට මත ගැටුම් ඇති වෙන බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.
මෙම මත ගැටුම් සමහරු නොයෙක් ඇසින් බලන බව ද ජාතික පුවත්පතකට අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ සිදුවෙන කිසිවක් තමා නොදන්නා බවත් තමා එම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවත් අගමැතිවරයා පෙන්වා දී තිබෙනවා.
ආණ්ඩුව තුළ සිදුවූ මෙම මත ගැටුම දුර දිග ගෙන යන්නේ නැතිි බව ද ප්‍රකාශ කරන අගමැතිවරයා ඇතැම් වෘත්තීය සමිති විවිධ ඉල්ලීම් කරන අතර වත්මන් ආණ්ඩුව අභියෝග රැසකට මුහුණ දෙමින් ඉදිරියට ගෙන යන බව ද සඳහන් කරනවා.
ශ‍්‍රී ලංකාව පමණක් නොව වෙනත් රටවල් පවා කොරෝනා වසංගතයත් සමග ප‍්‍රශ්න රැසකට මුහුණ දී තිබෙන බවත් රටේ ජීවන වියදම පිළිබඳව සමහරු ආණ්ඩුවට දොස් කියන බවත් අපට දොස් නගන උදවිය අද ලෝකයේ තත්ත්වය අවබෝධකර ගත යුතු බවත් අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.