May 06, 2024

අදත් උදේම ආණ්ඩුව හා හිටපු ජනපති හැප්පෙයි : හිටපු ජනපති වෙනුවෙන් අලගියවන්න පෙරට

November 26, 2021

අද (26) පාර්ලිමේන්තුව ආරම්භ වී සුළු මොහොතකින් ආණ්ඩුව හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඇති ප්‍රශ්නය යළිත් මතු වුණා.

කථානායකවරයාගෙන් විනාඩි 7ක කාලයක් ඉල්ලාගත් රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා එසේ කාලය ඉල්ලා ගත්තේ හිටපු ජනපතිවරයාට පිළිතුරු දීම සඳහා බව සඳහන් කළා.

කේළම දුර දිග යයි

ඒ තමා කියූ කේලමක් අසා අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් කළ බවට සිරිසේන මහතා ඊයේ (25) සිය කතාවේදී කළ ප්‍රකාශයකට.

තමාට කේලම් කීමේ පුරුද්දක් නැති බවත් කේලම් කීමේ පුරුද්ද ඇත්තේ ඒ අයට බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා තමා කියන්න ඕන දේ කෙළින් කියන කෙනෙක් බවත් පෙන්වා දුන්නා.

තමන් උදේට ගොවි උද්ඝෝෂණ සංවිධානය කොට සවසට ඒ පිරිස එකතු කර ශ්‍රී.ල.නි.ප ශාඛා සමිති සංවිධාන පිහිටුවන බව අලූත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේ රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ කේලම් අසා වන්නට ඇති බවට ඊයේ (25) මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා ඉහත පිළිතුරු දුන්නේ ඒ ප්‍රකාශයට.

පොලොන්නරුවෙ ශ්‍රී.ල.නි.ප වැඩ පිළිවෙළ

පොළොන්නරුවේ බිඳවැටී තිබුණු ශ්‍රීලනිප වැඩ පිළිවෙළ යලි ගොඩනැගීමට සිරිසේන මහතා ගොවි ප්‍රශ්නය හා පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරුව අල්ලාගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා හා අවධාරණය කරන්නේ.

කාබනික පොහොර කෘෂි වගාව කැබිනට් මණ්ඩලයේ සාමූහිකව ගත් තීරණයක් බවත් එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහින්ද අමරවීර වැනි ඇමතිවරුන්ද සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කාබනික පොහොර වගාව අලුත්ගමගේ අමාත්‍යවරයාගේ අසාර්ථක වැඩපිළිවෙළක් බවට හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශයට ද පිළිතුරු ලෙසයි.

ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවත් සමඟ සිටින බව පෙන්වා දෙන රණසිංහ මහතා එම පක්ෂයේ එක් කෙනෙක් දෙන්නෙක් ගියාට ප්‍රශ්නයක් ඇති නොවන බවද සඳහන් කරනවා.

රොෂාන් රණසිංහට පිළිතුරු

රොෂාන් රණසිංහ මහතා සිරිසේන මහතාට එල්ල කළ චෝදනා වලට පිළිතුරු දීමට නැගී සිටියේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතායි.

සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ සිටි වෙලාවක ඔය කතාව කිව්වා නම් සදාචාරාත්මක බවත් එසේ නැතිනම් ඔහොම කතාවක් අද කියන බව කලින් කිව්වා නම් සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බවද අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

දිගින් දිගටම ආණ්ඩු පාර්ශවයෙන් සිරිසේන මහතාට එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දිය යුතු බවයි අලගියවන්න මහතා පෙන්වා දෙන්නේ.

ඒ සමඟ වියළි නැගී සිටි රොෂාන් රණසිංහ මහතා සදහන් කළේ දශක තුනකට වඩා පාර්ලිමේන්තුවේ නියෝජනයක් තිබෙන සිරිසේන මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන හොඳින් දන්නා බවත් තමන් ඇති අවස්ථාවක තමන් ගැන ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නොවන බවත්ය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 26 November 2021 12:44