June 18, 2024

මන්ත්‍රීවරිය කුට්ටිආරච්චිට ජාතකයෙන්ම පිළිතුරු දෙයි : සභාවේ අසභ්‍ය වචන හුවමාරුවකුත් (VIDEO)

November 22, 2021

තමා හොඳ ජාතකයක් ඇතුව වැදගත් දෙමව්පියන්ට ජාතක වූ අයෙක් බව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී කරමින් සඳහන් කළා.

අපි විශේෂ ප්‍රකාශයක් කරමින්.

මන්ත්‍රීවරයාට ප්‍රතිචාර

මන්ත්‍රීවරිය එසේ සඳහන් කළේ පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඇය ඉලක්ක කරගෙන කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්.

තමා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ජාතකය ගැනද කතා නොකරන්නේ ඔහුගේ මවට කරන ගෞරවයක් ලෙස බවයි මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

ඒ ඇයද කාන්තාවක් නිසා බවයි මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ.

කිසිදු සභාවකට ගැලපෙන්නේ නැහැ

පසුගිය දිනෙක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය තුළ අසත්‍ය , නින්දා කිරීම , අපහාසය හා වක්‍රාකාරයෙන් මෙම සභාවේ නොව කිසිදු සභාවක ප්‍රකාශ නොකල යුතු වචන හා වාග් මාලාවක් පාවිච්චි කළ බවයි මන්ත්‍රීවරිය අනාවරණය කරන්නේ.

තමා ප්‍රකාශ නොකළ අදහස් ගොන්නක් තමා විසින් කළ බවට පෙන්වා දුන් බව සඳහන් කළ මන්ත්‍රීවරිය තමා ඉකුත් 20 වැනි දින භාණ්ඩ කිසිවක නම් හෝ මිල සඳහන් නොකළ බවත් තමාගේ කතාවක සැපද යන්න සඳහන් නොකළ බවත් පෙන්වා දෙනවා.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා එම භාණ්ඩවල නම් මතක් කරමින් එම භාණ්ඩවල අරුතට හාත්පසින්ම වෙනස් අරුතක් ලබා දෙන යටි පෙළ අර්ථ පිළිබඳ කළ ප්‍රකාශය හරහා මන්ත්‍රීවරයා අසභ්‍ය ප්‍රකාශයක් කළ බවට මන්ත්‍රීවරිය චෝදනා කරනවා.

විපක්ෂ නායක බිරිඳ

මෙම සභාව තුළ යළි පෙරළා පිළිතුරු දිය නොහැකි ජලනි ප්‍රේමදාස මහත්මිය ගැන සඳහන් කරමින් ඇයට ඉතා පහත් පෙළේ අපහාසයක් සිද්ධ කළ බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නා.

මන්ත්‍රීවරිය එම ප්‍රකාශය කරන අවස්ථාවේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාද සභාවේ සිටි අතර කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය රාජපක්ෂවරු අනුමත කරනවාදැයි කවිරත්න මහත්මිය ප්‍රශ්න කලා.

මන්ත්‍රීවරිය එම ප්‍රකාශය කරද්දී සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණු අතර දෙපාර්ශවය අතර අසභ්‍ය වචන හුවමාරුවක්ද සිදු වුණා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 17:33