May 19, 2024

ඉදිරි සතිය වන විට එළවළු හිඟයක්! මිල දරා ගන්න බැරි තත්වයට Featured

November 21, 2021

ඉදිරි සතිය වන විට එළවළු තොග නොලැබීමෙන් දැඩි එළවළු හිඟයක් ඇති විය හැකි බව වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි පෑලියගොඩ තොග වෙළෙඳ පොළේ වෙළෙන්දන් සඳහන් කරන්නේ.

එළවළු වෙළෙඳපොළට සැපයීමට තමන් සතුව නෙලීමට අස්වැන්නක් නොමැති බවත් ඒ හේතුවෙන් එළවළු සැපයීමට නොහැකි වී ඇති බවට උඩරට එළවළු ගොවියන් දැනුම් දී ඇති බවත් එම වෙළෙන්දන් පවසනවා.

බෝංචි, කැරට්, වම්බටු, ආදී බහුලව අලෙවි වන එළවළු වර්ග වල තොග මිල රුපියල් 300 ඉක්මවා ඇති බවත් මාලු මිරිස් කිලෝව තොග මිල රුපියල් 450 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පෑලියගොඩ තොග වෙළෙන්දන් පෙන්වා දෙනවා. 

බෝංචි, කැරට්, වම්බටු ආදී එළවළු රැසක කිලෝවක සිල්ලර මිල රුපියල් 500ට ආසන්න වී ඇති බවත් මාළුපිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් ද,  තක්කාලි කිලෝවක් සිල්ලර මිල රුපියල් 450 ක් ද දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)