May 10, 2024

අපි හරිම ජේත්තුකාර ජාතියක් : ආදායමට වඩා වියදම් කරන්න කැමතියි - ගම්මන්පිලගෙ දැක්ම (VIDEO)

November 20, 2021

අද රට මුහුණ දී සිටින ආර්ථික අර්බූදය තමා ඉතා සරලව පැහැදිලි කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

අද තිබෙන ප්‍රශ්නය ආණ්ඩුවට රුපියල් නැති කම හා රටට ඩොලර් නැති කම බවයි අමාත්‍යවරයා අනාවරණය කරන්නේ.

ප්‍රශ්නය ඇති වූ අයුරු

ඒ ප්‍රශ්නය ඇති වූ ආකාරයද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලාංකිකයන් හරිම ජේත්තුකාර ජාතියක් බව සඳහන් කළ අමාත්‍යවරයා ආදායමට වඩා වියදම් කරන්න කැමති ජාතියක් බැවින් 1955 සිට ඉදිරිපත් කළේ හිඟ අය - වැය බව පෙන්වා දුන්නා.

එදා සිට අද දක්වා අයට වඩා වැය තිබෙන අය - වැය පියවා ගන්න රුපියල් වලින් ණය ගැනීමෙන් අර්බුදය ආරම්භ වූ බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා වර්තමාන ආර්ථික අර්බූදයට 1955 සිට රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බවයි සඳහන් කරන්නේ.

ආදායම් මට වඩා වියදම් කිරීමට ණය ගන්නවා කියන එකේ තේරුම අනාගත පරපුර වියදම් කළ යුතු මුදලුත් දැන් වියදම් කිරීම බව අවධාරණය කරන අමාත්‍යවරයා දැන් සිදුවන්නේ අපට අයිති නැති ජීවන මට්ටමක් අනාගත පරපුර උගසට තබා බුක්ති විඳීම බවයි පෙන්වා දෙන්නේ.

හැත්තෑ අටේ සිදු වූ වෙනස

1955 සිට ආ තත්ත්වය තවත් දරුණු අතට පත් කරමින් 1978 සිට ඩොලර් වලින් ණය ගැනීමට කටයුතු කළ බවද සඳහන් කරන ගම්මන්පිල මහතා මේ ආර්ථික අර්බුදය පිපිරීමට තිබූ එකක් බවයි අනාවරණය කරන්නේ.

එනිසා මෙම ආර්ථික අර්බූදය කොවිඩ් වසංගතයේ නිසා ඇති වූවක් නොව එම වසංගතය නිසා එම පිපිරීම ඉක්මන් වූ බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

වෙනසකට තිබෙන්නේ ඒ පිපිරීම සිදුවන අවස්ථාවේ තමන්ගේ රජයක් සිටීම පමණක් බවත් 2019 ජනපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජය ගත්තා නම් ඔහුටද මේ අර්බුදයට මුහුණ දීමට සිදුවන බවට අදහසක්ද පළ කරනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අය - වැය විවාදයට එක්වෙමින්.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 November 2021 13:25