අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මේ බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා වර්ග 131ක මිල නියාමනය කර උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
එම ඖෂධ කිසිවක් උපරිම සිල්ලර මිලට ඉහළින් අලෙවි කිරීම නීතිවිරෝධි කටයුත්තක් වන බවද එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
යම් ස්ථානයක පාලන මිල උල්ලංඝනය කරමින් ඖෂධ අලෙවි කරන්නේ නම්, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑලට ඒ පිළිබඳ දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පවසනවා.
මිල ඉහළ යාමෙන් පසුව උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව පහතින්,