May 10, 2024

පොලීසිය ඇතුළේ තරුණයා මියගියේ කමිසයෙන් ගෙල වැළ දාගෙන! ඇමැති සරත් පිළිතුරු දෙයි

November 17, 2021

පනාමුරේ ප්‍රදේශයේ ‌මියගිය පුද්ගලයා පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතුකළ ප්‍රශ්නයට මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා අද(17) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා.

ඇමැතිවරයා සඳහන් කළේ මියගිය පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත්, ඔහුට එරෙහිව බිරිය සහ දියණිය විසින් පොලිසියට පැමිණිලි කොට තිබූ බවත්ය.

එම පැමිණිලි මත ඊයේ රාත්‍රී 10.30ට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, පාන්දර 3.30ට පමණ මෙම පුද්ගලයා සිය කමිසයෙන් සිරමැදිරියේදී ගෙලවැළලාගෙන ඇති බවත්, පසුව පොලිස් නිලධාරීන් දැක ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගැනීමේදී හෙතෙම මියගොස් ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව උද්ඝෝෂණය හා මෙම පුද්ගලයා මියයාම අතර සම්බන්ධයක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා අද පෙරවරුවේදී පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සදහන් කළේ සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට ආ තරුණයෙක් පනාමුර පොලිස් බල ප්‍රදේශයේදී පොලිසිය විසින් කළ පහර දීමකදී මරුමුවට පත්ව ඇති බවයි.

ඉන්දික ජයරත්න නැමැති තරුණයකු මෙසේ මියගොස් ඇති බවත්, මේ වනවිටත් මෘතදේහය පොලිසිය තුළ ඇති බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා එමෙන්ම ජනතාව කුපිත වී පොලිසියට විරෝධය පළකරමින් සිටින බවද පෙන්වා දුන්නා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද විතානගේ මහතා ඉල්ලා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 November 2021 12:40

Related items