April 27, 2024

පෙළපාලියකින් සජිත් ජනපති ලේකම් කාර්යාලය දෙසට යයි

November 16, 2021

මේ වනවිට කොළඹ ප්‍රදේශයට වැටෙන මහවැසි නොතකා සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ‌ගාලු පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පා ගමනින් යන ආකාරයක් දැකගන්නට තිබෙනවා.

මෙම පෙළපාලිය සදහා විශාල ජනතාවක් එක්ව සිටින ආකාරයක් දැක ගන්න පුළුවන්

සමගි ජන බලවේගයේ විරෝධතාවට සහභාගී වීම සඳහා කොළඹ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මේ වනවිට විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටින බව අප වාර්තාකරුවෝ පවසනවා.

විරෝධතාවට සහභාගී වීම සඳහා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිට පැමිණෙමින් සිටි සමගි ජනබලවේග පාක්ෂිකයින්ට බාධා එල්ල වූ අයුරු දර්ශන හරහා දැක ගත හැකි වුණා.

එලෙස පැමිණීමට නොහැකි වූ පිරිස් ඒ ඒ ස්ථානවල සිට විරෝධතාවය පළ කළ බව ද අප වාර්තාකරුවෝ සඳහන් කළා.

.

Rate this item
(0 votes)