April 28, 2024

සජිත් පිළ කොළඹට එයි - මාර්ගත් අවහිරයි

November 16, 2021

සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් විපක්ෂ නායක කාර්යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වු සර් මාර්කස් ප්‍රනාන්දු මාවත මුළුමනින් ම අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා මතුව ඇති බවයි.

සමගි ජන බලවේගයේ විරෝධතාවට සහභාගී වීම සඳහා කොළඹ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මේ වනවිට විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටින බව අප වාර්තාකරුවෝ පවසනවා.

විරෝධතාවට සහභාගී වීම සඳහා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිට පැමිණෙමින් සිටි සමගි ජනබලවේග පාක්ෂිකයින්ට බාධා එල්ල වූ අයුරු දර්ශන හරහා දැක ගත හැකි වුණා.

එලෙස පැමිණීමට නොහැකි වූ පිරිස් ඒ ඒ ස්ථානවල සිට විරෝධතාවය පළ කළ බව ද අප වාර්තාකරුවෝ සඳහන් කළා.

මේ අතර මේ වනවිට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් මේ වනවිට විපක්ෂ නායක කාර්යාලය අසලට පැමිණ සිටින අතර විපක්ෂ නායකවරයා ද එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

‘සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’ නමින් සමගි ජන බලවේගය සංවිධානය කළ මෙම විරෝධතාව අද (16) සවස කොළඹදී පැවැත්වීමට නියමිතයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 15:16