April 28, 2024

තෙල් පිරිපහදුව වැසීම පිටුපස කුමන්ත්‍රණයක්? (VIDEO)

November 16, 2021

තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත්  ඒ ගැන වහාම සොයා බැලිය යුතු බවත්   විපක්ෂනායක  සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසුවා.

බොරතෙල් ගැන්වීමට ඩොලර් නැතිනම් පිරිපහදු තෙල් ගෙන්වීමට ඩොලර් කොහෙන්දැයි විපක්ෂනායකවරයා මෙහිදී ප්‍රශ්න කළා.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී  ප්‍රකාශයක් කරමින්. 

මෙලෙස තෙල් පිරිපහදුවේ ක්‍රියාකාරිත්වය නතර කරන විට පෙට්‍රල්, ඩීසල්, දැවිතෙල්, ගුවන් යානාවලට තෙල් හිඟයක් මතු වෙන බවද පවසනවා. 

බොරතෙල් ගෙන්වීමට ඩොලර් නැති නම් පිරිපහදු තෙල් ගෙන ඒමට ඩොලර් ලබා ගන්නේ කොහෙන්දැයිද විපක්ෂනායකවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

ඊට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා නොදුන් අතර ජොන්ස්ටන් අමාත්‍යවරයා සඳහා කලේ කිසිදු තෙල් හිඟයක් මේ වෙන විට නොමැති බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 15:21