May 10, 2024

පුත්තලම දුම්රිය මාර්ගය ගහගෙන යයි (PHOTOS)

November 15, 2021

අයහපත් කාලගුණයත් සමඟ ගලා ගිය ජලය හේතුවෙන් පුත්තලම - හලාවත දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා.

මංගළඑළිය සහ මුන්දලම අතර දුම්රිය මාර්ගයේ මීටර් 100ක් පමණ ස්ථාන කීපයකදී හානියට පත්ව ඇති ආකාරයක් දක්නට තිබෙනවා.

මීට පෙර මෙම ප්‍රදේශයට වැසි ජලයෙන් යටවී ගියත් කිසිදු දිනක මේ ආකාරයට දුම්රිය මාර්ගයට හානි සිදු වී නොමැති බව ප්‍රදේශවාසීන් සදහන් කරනවා.

ඇතැම් ස්ථානවල දුම්රිය මාර්ගයේ යොදා තිබූ සිල්පර කොට ජලයේ ගසා ගෙන ගොස් ඇති බවක්ද දක්නට තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදු කරන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරනවා.

(ජුඩ් සමන්ත)

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 13:37