April 27, 2024

අයවැයේදී කියන්න බැරි වුණු දෙයක් බැසිල් අද කියයි

November 13, 2021

2022 අයවැය කතාවේදී නොකිය වුණු වැදගත් කරුණක් තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අපි හා සමාන රටවල් සීඝ්‍රයෙන් දියුණු වුණේ නව නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳපොළට යැවීම තුළින් බවත් එනිසා නව නිෂ්පාදන ආයෝජන කලාප ඇති කිරීමට සැළසුම් කර ඇති බවත් හෙතෙම සදහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති  මාධ්‍ය හමුවකදීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවා.

"අයවැය යෝජනාවේදී මට කියවන්න බැරි වුණාට අපි ඇතුළත් කරලා තිබුණු වැදගත් කරුණක් තියෙනවා. ඒ නව නිෂ්පාදන ආයෝජන කලාප. අපි හා සමාන රටවල් සීඝ්‍රයෙන් දියුණු වුණේ නව නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳපොළට යැවීම තුළින්. ඒ තුළින් රැකියාත් විදේශ විනිමයත් දෙකම උපයා ගත්තා. ඒ නිසා අපි හඳුනාගත් අංශ කිහිපයක නව නිෂ්පාදන ආයෝජන කලාප ඇති කරන්න. කාබනික පොහොර නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, ඇඟලුම් නිෂ්පාදනය, රබර් නිෂ්පාදනය, කෘෂිකාර්මික උපකරණ හා පසුසම්පත් නිෂ්පාදනය, ධීවර හා ජලජීවි නිෂ්පාදනය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය, ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය. ඔයාමඩුව, මිල්ලනිය, හම්බන්තොට, එරාවුර්, ඉරණවිල, කිලිනොච්චිය, මොනරාගල, ඇල්පිටිය, මත්තල, යාපනය, තමයි මේ කලාප ඇති කරන්නේ." 

Rate this item
(5 votes)
Last modified on Saturday, 13 November 2021 18:49