April 27, 2024

"රාජ්‍ය සේවය රටට බරක්..මුදල් වැය කරන්න බෑ" - ඇමැති බැසිල් ඊලඟ පියවර ගැන කියයි

November 13, 2021

රටට උසුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වී ඇති බවත් රාජ්‍ය සේවකයින් සඳහා තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

තවත් වසරක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති  මාධ්‍ය හමුවකදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.

"මං හිතන්නේ තවදුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව පිළිගන්න ඕනේ මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. මම පැහැදිලිව කියන්න ඕනේ මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ. වගකීමෙන් කියනවා, රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට පුළුවන්කමක් නෑ. වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා."

"නිදහස ලබද්දී රටේ මහජනතාවගෙන් 118 කට සිටියේ එක් රාජ්‍ය සේවකයෙක් විතරයි. නමුත් දැන් රටේ මහජනතාවගෙන් 13 දෙනෙක්ට එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටිනවා. මේ රාජ්‍ය සේවකයින් බොහෝ දෙනා විවාහ වෙන්නේ කාලයක් ගිහිල්ලා. ඔවුන්ගේ දරුවන් සරසවි ප්‍රවේශ වෙනවා වගේම උසස් අධ්‍යාපනයට ඇතුල් වෙන්නේ මේ රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්නා කාලයේදී. මේක ඔවුන්ට විශාල ගැටළුවක්. මේ හේතුව නිසයි අපි රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වයස අවුරුදු 10කින් ඉහළ දැම්මේ. දැන් එය අවුරුදු 55 සිට 65 දක්වා වැඩි වූ විට ඔවුන්ට ඉන් ආර්ථික වාසියක් ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට පළපුරුද්දක් තිබෙන සේවකයින් අවශ්‍යයි." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 13 November 2021 19:14