April 27, 2024

බැසිල්ගේ තේ පැන් සංග්‍රහයට සජිත්, රනිල්, අනුර නෑ (PHOTOS)

November 13, 2021

2022 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් ද අයවැය කතාව ඇසීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සහභාගී වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සහභාගී නොවීම කැපී පෙනෙන්නට තිබූ කරුණක් වුණා.

සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවරද මන්ත්‍රී භෝජනාගාරයේදී පැවැත්වුණා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 13 November 2021 10:47

Related items