April 27, 2024

මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් - සජිත්ගෙන් විග්‍රහයක්

November 13, 2021

මේ රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙන යන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අයවැය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

"රටේ  ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුනේ හිස් ප්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහයාත්මක බවක් නෑ. අයවැය හිගය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම, උද්ධමනය අවම කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක්  නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ.‍ කෙටියෙන් කීවොත් මේ අයවැය, සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්. තමන්ගේ හිතවතුන් සතුටු කරන අයවැයක් මිස, රට ගොඩනගන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ.

කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නොවේ, රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක්."

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 10:45