2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියා.
මේ අතර 2022 අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 76 වන අයවැය ලෙසය.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව වන අතර මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය වේ.